ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ 2020 තරගාවලියේදී ඩිලන්ත මාලගමුවට තෙවැනි ස්ථානය

ස්පාඤ්ඤයේ පැවති Lamborghini Super Trofeo European Champioship තරඟයේ ඔහු තරඟ වැදි ශ්‍රේණියේ තුන්වැනි ස්‍ථානය ලබා ගැනීමට ඩිලන්ත මාලගමුව මහතා හට හැකිව තිබේ.

මෙරට රාජ්‍ය අනුග්‍රහය සහිතව මෝටර් රථ ධාවන තරඟාවලියක් සඳහා ඩිලන්ත මාලගමුව මහතා සහභාගීවූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර මෙම තරගාවලිය සැප්තැම්බර් 5 සිට නොවැම්බර් මස 15 වනදා දක්වා ජර්මනිය, ස්පාඤ්ඤය, බෙල්ජියම, සහ ප්‍රංශය යන රටවල් හිදී පැවැත්වේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු පවසා සිටින්නේ ජයග්‍රහණයට ශක්තියක් වූ සියලු දෙනාගේම ආශිර්වාදයන්ට ස්තූතිවන්ත වන බවයි. එමෙන්ම මෙම සංචාරයට සහභාගී වීමට වැඩිම අනුග්‍රාහකත්වයක් ලබා දුන් ශ්‍රී ලංකා රජයටත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාටත්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාටත්, අනුගාහක ශක්තිය ලබා දුන් සියලුම පුද්ගලික ආයතයන්ටත් සිය ස්‍තූතිය පිරිනමන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *