ලක්ෂ විස්සක කුඩු සමග තලගලදී දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග‍්‍රෑම් 110 ක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මොරගහහේන තලගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ සැකකාරිය සහ සැකකරු කොළඹ 07 වෝඞ් පෙදෙසේ පදිංචිකරුවන් බවයි.

මේ අතර, අද උදෑසන 05 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළදී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් කි‍්‍රයාත්මක විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 230 දෙනෙකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ වැටලීම්වලදී හෙරොයින් සමග සැකකරුවන් 100 දෙනෙකු සහ ගංජා සමග සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්පැන් බෝතල් 469 ක් සමග සැකකරුවන් 72 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *