ලක්ෂපතියේ ධම්මා අත්අඩංගුවට

සැක කටයුතු නිවසක් පරීක්ෂා කිරීමට යෑමේදී පොලීසිය මගහැර පළායමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්වී තිබේ.

මොරටුව පොලීසියේ දූෂණ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරක් මත  මොරටුව ලක්ෂපතිය, ජුබිලි පාර ප්‍රදේශයේ නිවසක් එලෙස පරීක්ෂා කර තිබුණි.

නිවසේ ඉදිරිපස දොරෙන් පොලීසිය නිවසට ඇතුළුවෙනවාත් සමගම නිවසේ පිටුපස දොරෙන් අදාළ සැකකරු මල්ලක් රැගෙන පළායෑමට තැත්කර තිබේ.

අදාළ සැකකරු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ බෑගය තුළ තිබී මත්පෙති 2,500ක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි ධම්මික ප්‍රියංකර නොහොත් ‘ලක්ෂපතිය ධම්මා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවූ බව පොලීසිය කියයි.

මත්පෙති අවශ්‍ය කරන පුද්ගලයින් බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔවුන් කියන ස්ථානයක මත්පෙති තබා යන බවද සැකකරු පවසා ඇත.

මෙම සැකකරු ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මෙම මත්පෙති පාසල් ආශ්‍රිත ස්ථානවල තබා යන බවත්ය.

දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් මෙම මත්පෙති වැඩිවශයෙන් භාවිත කරන බවත් හෙළිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *