ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ඉනිමකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවට ඊයේ ශ්‍රී ලංකාව දැවී ගියේය. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දකුණු අප්‍රිකා පළමු ඉනිමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42ට දැවී යාමත් සමගිනි.
මිට ඉහතදී ටෙස්ට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉනිමකදී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීවේ 1994 වසරේදී පාකිස්තානයට එරෙහිව නුවරදී පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71ට දැවී යාමයි.
ශ්‍රී ලංකාව දැවී ගිය මෙම ලකුණු සංඛ්‍යාව ටෙස්ට් ඉතිහාසය තුළ කණ්ඩායමක් දැවී ගිය 12 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වෙයි.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 191ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව කමිඳු මෙන්ඩිස් රැස්කළේය. ඔහු ලකුණු 13ක් ලබා ගැනීමට සමත්විය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජැන්සෙන් ලකුණු 13ට කඩුලු 7ක් දවා ගැනීමට සමත්විය.