”රොඩා”, ”නලියා” සහ ඌරු ජුවාගේ ගෝලයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ”ඌරු ජුවා”ගේ ගෝලයෙකු ලෙසින් සැලකෙන හෙට්ටිආරච්චිගේ ජගත් කුෂාන් දිල්රුක් නැමැත්තා නවගමුව පොලීසිය විසින් රණාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරු ජුවා ඇතුලු හත්දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් 2015 වර්ෂයේදී රණාල ප්‍රදේශයේදී චාමර නැමැත්තෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර බන්ධනාගාරයේ සිට ඊසි කෑෂ් ක්‍රමය ඔස්සේ මත්කුඩු ජාවාරම මෙහෙය වූ ”පොඩි තිළිණ ”නැමැත්තාගේ සගයින් වන ”රොඩා” සහ ”නලියා ” නැමැති සැකකරුවන් මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන්ව මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *