එජාප නායකත්වය මට ලබා ගන්න පුලුවන් කියා විශ්වාස කරනවා – නවීන් දිසානායක

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමාට ලබා ගැනීමට හැකි බවට තමන් විශ්වාස කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ හැටන් – දිඹුලපතන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට හැකි වුවහොත් ඉන් අනතුරුව ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය යටතේ නුවර එළිය ජනතාවට ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ඔහු කියා සිටියේය.

ඔහු වැඩි දුරටත් පවසා සිටියේ වසර 20ක දේශපාලනය තුල තමන් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්, අමාත්‍ය ධුරයක් දරා ඇති බවත් මේවන විට පක්ෂයේ ඉහළ තැනක සිටින බවත්, තමාට අවශ්‍යව ඇත්තේ පක්ෂයේ පළමු වැනියා වීමට බවත් ඒ සඳහා පුංචි තල්ලුවක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *