රේල් පාරේ බස් පැද්ද රියදුරුට චෝදනා රැසක්

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු ජුනි මස 14 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

පොලීසිය විසින් සැකකාර රියදුරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

සැකකාර රියදුරු ඇඹිලිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලීසියට භාරදී තිබුණි.

මෙහිදී පොලීසිය විසින් සැකකාර රියදුරුට එරෙහිව චෝදනා රැසක් ගොනුකර තිබේ.

මිනී මැරීමට තැත්කිරීම, රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, රජයේ දේපොළවලට අලාභහානි සිදුකිරීම ඔහුට එරෙහිව එල්ලකර ඇති චෝදනා වෙයි.

පසුගිය 02 වනදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය සමග සැකකාර රියදුරු පුවක්පිටිය ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග පොලීසිය පරීක්ෂණ සිදුකර සැකකාර බස් රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *