LK reports news sinhala

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්න කණ්ඩායම් 6ක් යවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් පිටත් කර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. ඒ අනුව මන්නාරමේ සහ කොළඹ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවෙස්වලට ඊයේ (13) රාත්‍රියේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පිටත්ව ගොස් තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුලු සැකකරුවන් තුන්දෙනෙකු වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණු අතර, ඒ අනුව වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ ඉල්ලීමක් කළා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දන්වා සිටියේ පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.

ඉකුත් ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වන චෝදනායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *