රියාජ්

රියාජ් බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමට දින නියම වේ

පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

පෙත්සම අද (16) මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව හදිසි අවශ්‍යතාවක් මත ගොනුකර තිබෙන හෙයින් එය සලකා බැලීම සඳහා ළඟ දිනයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස විනිසුරු මඬුල්ල නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *