රියදුරු බලපත‍්‍ර සැකසීම යුද හමුදාවට පැවරීමට පියවර

ලබන වසරේ සිට රියදුරු බලපත‍්‍ර සකස් කිරීම ශී‍්‍ර ලංකා යුධ හමුදාවට පැවැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ (14) ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීර මගතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට සිදු වන අතර එම කොන්ත්‍රාත්තුව පුද්ගලික ආයතනයක් වෙත පවරා තිබීම හේතුවෙන් මෙරටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන බව ද එහිදී කතා බහට ලක්වී ඇති අතර ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එහිදී පවසා ඇත්තේ ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත‍්‍රය සකස් කිරීමට යුද හමුදාවට හැකියාවක් පවතින බවයි.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ යුධ හමුදාවට කළ නොහැක්කක් නැති බවත් රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශී‍්‍ර ලංකා යුධ හමුදාව සූදානම් බවත්ය.

ඒ අනුව මහින්ද අමරවීර මහතා විසින් එම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *