කන්දකාඩු කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ කීපයකට ව්‍යාප්ත වේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුලික කරගෙන ව්‍යාප්ත වී ඇති කොවිඩ් පොකුර ඊයේ (14) දිනය වන විට කැකිරාව, හෝමාගම, අකුරැස්ස, රත්නපුර, තංගල්ල, මහනුවර, බඹරදෙණිය, හසලක, ගම්පොළ, රාජාංගනය, වැනි ප්‍රදේශවලට මෙන්ම කන්තලේ, රාගම, කලවාන, මොරටුව යන ප්‍රදේශවලටත් ව්‍යාප්තව වී තිබුණා.

ඒ අනුව එම ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයන් 661 දෙනකු ඊයේ දිනයේදී ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බවත්, එමෙන්ම පසුගිය 07 වැනිදා සිට මේ දක්වා කාලය තුළ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් පමණක් ආසාදිතයන් 516 දෙනකු වාර්තා වී ඇති බවටත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2657කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *