රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල මැතිවරණයෙන් පසු යළි අරඹනවා – අගමැති කියයි

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන් හට රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ මහ මැතිවරණය අවසන් වූ විගසම යළි ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මෙවර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කන්තලේ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවකට ඊයේ (23) දිනයේ සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ උපදෙස් මත රැකියා ලක්ෂයේ වැඩසටහන සහ උපාධිධාරීන් රැකියාගත කිරීම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවත් මැතිවරණයෙන් පසුව එය ක්‍රියාවට නැංවීමේ බාධාවක් නොමැති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *