හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අද (22) පෙනී සිටීමට නියමිතය. ඒ මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මහත්වරුන් මෙලෙස ප්‍රකාශ ලබාදීමට පැමිණෙන බව නීතිඥවරයකු මාර්ගයෙන් ලිඛිතව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබේ. මින් පෙර මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය ඔවුන්ට දැනුම්දී තිබුණද යොදාගෙන තිබූ වැඩ කටයුතු හේතුවෙන් අදාළ දිනයන් හිදී පැමිණිය නොහැකි බවටයි ඔවුන් ලිඛිතව පොලිසියට දැනුම් දී තිබුණේ.
ඒ අනුව සිය ලිපිය මගින් ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ අද දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි.