බැඳුම්කර වංචාවට අදාළ විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුව සම්බන්ධයෙන් මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවට වාර්තා වේ.
රවී කරුණානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබුවේ රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේයි. ඒ 2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල බැඳුම්කර වෙන්දේසියේදී සිදුවූයේ යැයි කියන වංචාව සම්බන්ධයෙනි.