රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්රකාශ කර සිටී. ඒ අනුව ඉදිරි දිනයකදී එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කර සිටී.
පක්ෂයේ නව නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප සභාපති රවී කරුණානායක, ජාතික සංවිධායක දයා ගමගේ සහ වජිර අබේවර්ධන යන අයෙගේ නම් යෝජනා වී ඇති බවටයි පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.