රන් ගෙන්වන ආයතන 5කට මිලියන 1243ක දඩයක්

මෙරටට නීතිවිරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන කිහිපයකට රුපියල් මිලියන 1243ක දඩයක් නියම කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එලෙස නීතිවිරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන 5ක් මේවනවිට හඳුනාගෙන ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ එම ආයතන අතරින් එක් ආයතනයක් සඳහා රුපියල් මිලියන 179ක දඩයක් ගෙවීමට නියම කර ඇති බවය.

මින් ඉදිරියට රන්භාණ්ඩ ආනයන සිදුකරන බලපත්‍රලාභී සියලු ආයතන මෙම නීති විරෝධී ක්‍රියාවන් වෙතින් මිදිය යුතු බවද එහිදී අමාත්‍යවරයා අවදාරණය කර සිටී.

එසේම අදාළ ආයතන ඍජුව රන් ආනයනය නොකර තුන්වැනි පාර්ශ්ව වෙතින් මිලදීගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සළකාබලා දඩ මුදල් අය කරගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

නීතිවිරෝධී ලෙස රට තුළට රන් ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වකවානුව තුළ අනාවරණය වූ සිදුවීම් සැලකිල්ලට ගෙන මෙරට රන් ජාවාරම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රන් භාණ්ඩ ආනයනයේ දී හඳුනාගත් සීමා පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ දී නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *