රන්ජන්

රන්ජන් රාමනායක අත්අඩංගුවට (UPDATE)

පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්භාහනය කිරීම සඳහා මාදිවෙල නිල නිවාසය වෙත පුද්ගලයෙකු පැමිණ ඇති අතර, අදාළ පුද්ගලයා එහි ඇති ආරක්ෂක මුරපොල වෙත පැමිණි අවස්ථාවේදී ඔහුට ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති බවට එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තහවුරු කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගෙන් විමසමින් සිටින අවස්ථාවේදි රන්ජන් රාමනායක මහතා එම ස්ථානයට පැමිණ ඇති අතර රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ වැදී අදාළ පුද්ගලයා සිය නිල නිවස වෙත ගෙන ගොස් ඇත.

මේ පිළිඹද එහි සිටි පොලිස් නිලධාරීන් මිරිහාන මුලස්ථාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *