රන්ජන් අප්‍රේල් 20 වැනිදා දක්වා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අප්‍රේල් මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඊයේ (13) රන්ජන් රාමනායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් ඇදිරිනීති බලපත්‍ර රහිතව පැමිණි පුද්ගලයකු මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයට පැමිණ ඇති අතර නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් ඒ පිළිඹද අදාළ පුද්ගලයාගෙන් විමසා තිබේ. අනතුරුව එම ස්ථානයට පැමිණි රන්ජන් රාමනායක මහතා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කරමින් අදාල පුද්ගලයා තම නිවාස සංකීර්ණය වෙත රැගෙන යාමට උත්සාහ කර තිබේ.

ඒ අනුව ඇඳිරි නීතිය කඩ කිරීම, එය කඩ කිරීම සඳහා ආධාර අනුබල දීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඔහු හමුවීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන පොලිස් ස්ථානයේ නිළධාරීන් ඊයේ රාත්‍රියේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වෙත පැමිණි අතර අනතුරුව ඔවුන් මිරිහාන පොලීසියට රැගෙන යන ලදි.

පසුව ඔහු අද (14) දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව ඔහු අප්‍රේල් මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අ‍ධිකරණය නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *