කොරෝනා

රට තුළ අධි වසංගත තත්ත්වයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මෙරට දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 7% සීමාවට පැමිණ ඇති බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කඩිනම් අවධානයක් යොමු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියි.

ඒ මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අඩු වයස් සීමාවේ පුද්ගලයින් මියයාම පසුගිය දින කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කියා සිටියා.

“පළවෙනි වතාවට PCR පොසිටිව් රේට් එක 7.2%ක දක්වා ගමන් කරලා තියෙනවා. සමහර තැන්වල මේ ප්‍රතිශතය 15, 20, 25, 30 දක්වා ගමන් කරලා තියෙනවා. අපි කියන්නේ අධි වසංගත තත්ත්වයකට ගමන් කරමින් සිටිනවා. දැන් හොඳම උදාහරණය කුරුණෑගල අඹන්පොළ විවාහ මංගල උත්සවයේ දී ඉතාමත් ශීඝ්‍රයෙන් මේ වෛරසය ව්‍යාප්ත වෙනවා. අත්තටම මේක අලුත් ප්‍රභේදයක්දැයි සොයා බැලිය යුතුයි. දැන් දකුණු අප්‍රිකාවේ ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතා කිරීම නැවැත්වුවා. දකුණු අප්‍රිකාවේ වාර්තා වුණ අලුත් ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනකා එන්නතින් ඔරොත්තු දීමක් සිදුවෙන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවාද දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය අපේ රටට ආවා කියලා? ඒක දැන්ගන්න අපිට පහසුකම් තියෙනවාද? එකක්වත් නැහැ. දැනට අපි ජයවර්ධනපුර රසායනාගාරයෙන් සම්පල කිහිපයක් යවලා රටේම තත්ත්වය පිළිබඳ හරි අවබෝධයක් ගන්න බැහැ“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *