රටවල් 130ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ලෝක වෘත්තීය සමිති සමුළුව 2027දී කොළඹට

19 වැනි ලෝක වෘත්තීය සමිති සම්මේලනය 2027 මැයි 13 සිට 15 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා රටවල් 130කට ආසන්න සංඛ්‍යාවකින් නියෝජිතයන් 800ක් පමණ සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝක වෘත්තීය සමිති සම්මේලනය (WFTU) විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුවට ලොව පුරා වෘත්තීය සමිති නියෝජනය කරන නියෝජිතයෝ එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සක්‍රීය වෘත්තීය සමිති ක්ෂේත්‍රය සහ රටේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම සැලකිල්ලට ගනිමින්, සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇති බව රජය සඳහන් කරයි. මෙම තීරණය ගෙන ඇත්තේ ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩලය විසිනි.

ජාත්‍යන්තර සමුළුව කොළඹදී පැවැත්වීමට අදාළ සූදානම් කටයුතු පිළිබඳව කම්කරු අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.

ඒ අනුව, සමුළුව පැවැත්වීම සඳහා අවශ්‍ය ඉදිරි සූදානම් කටයුතු සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *