රජය රු.මිලියන 85,000 ලබන වසරේ ග්‍රාමීය සංවර්ධනයට යෙදවීමට බලාපොරොත්තු වෙයි

රජය විසින් රු. ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ලබන වසරේ රුපියල් මිලියන 85,000ක් ලබා දෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම මුදල් සියල්ල ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවිය යුතු බවට රජය උපදෙස් දී ඇති බවද අමරවීර මහතා පැවසීය.

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ පසුගිය අයවැයෙන් මුදල් වෙන් කළ බවයි.

“රැකියා විරහිත අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික තත්ත්වය නඟා සිටුවීමට ජනාධිපතිතුමා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.එවැනි බඳවාගැනීම්වලට අද පත්වීම් දෙනවා.රජයක් ලෙස අපේ ප්‍රධාන අරමුණ ජනතාවගේ ජීවනෝපාය දියුණු කිරීම.මේ සඳහා මේ වසරේ අයවැයෙන් ප්‍රාදේශීය සංවර්ධනයට රුපියල් මිලියන 85,000ක් වෙන් කර තිබෙනවා.මේ සියලු මුදල් වැය කරන්නේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහායි.

මේ අතර අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට ද රජය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *