මැලේරියාව ගැන වෛද්‍ය අංශවලින් අනතුරු ඇඟවීම්

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් හරහා මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ මේ වසර තුළ මෙරටින් හඳුනාගැනුණු මැලේරියා රෝගීන් 25 දෙනාගෙන් 24 දෙනෙකුම අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවය.

මේ හේතුවෙන් අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයින් සඳහා මැලේරියා පරීක්ෂාව සිදුකිරීමට තීරණය කර ඇති බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

මෙම මාසය තුළ හඳුනාගැණුනු මැලේරියා රෝගීන්ගෙන් දෙදෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ මැලේරියා රෝග අවදානම ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *