රජයේ මුද්‍රණාලයේ ගින්නක්

බොරැල්ල රජයේ මුද්‍රණාල පරිශ්‍රයේ අද (14) දහවල් ගින්නක් හටගෙන තිබේ.

ගින්න පිළිබඳ වාර්තා වීමත් සමඟම ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ ඒ සඳහා යෙදවීමට පියවර ගෙන ඇති අතර මේවනවිට ගින්න මැඩපවත්වා ඇති බවටත් වාර්තා වේ. ඉවත ලන කඩදාසි ගබඩාකර තැබූ පරිශ්‍රයක එම ගින්න හටගෙන තිබූ බව මුද්‍රණාලායාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *