මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනාට කිසිදු බාහිර පුද්ගලයකු මුණ ගැසීමට අවස්ථාවක් හිමි නොවන බවත්, ඔවුන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමද තහනම් කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මෙම නීති රෙගුලාසි පනවා ඇත්තේ ඔවුන් වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කර තිබීම හේතුවෙන්.
බැඳුම්කර වංචාවට අදාළ විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුව සම්බන්ධයෙන් මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ දිනයේ යොමු කෙරුණා.