යේමනයේ, ඒඩන් ගුවන්තොටුපොළේ සිදු වූ විශාල පිපිරීමකින් පුද්ගලයින් 26 දෙනෙකු පමණ මිය ගොස් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිපිරීම සිදුවී ඇත්තේ යේමන නව රජයේ ඉහළ තනතුරු දරන පිරිසක් රැගත් ගුවන් යානයක් සෞදි අරාබියේ සිට පැමිණ සුළු වේලාවකින් පසුවයි. කෙසේ වෙතත් එම ගුවන් යානයෙන් පැමිණි නව රජයේ කැබිනට් මණ්ඩලය ඇතුළු පිරිසට ප්‍රහාරයෙන් හානියක් සිදුවී නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරයෙන් පසුව ඒඩන් හී මාෂෙක් ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයක තවත් පිපිරීමක් සිදුව තිබේ.
යේමන බලධාරීන් පවසන්නේ මෙම පිපිරීම් සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කරන ලද තොරතුරක් වාර්තා වී නොමැති බවත්, ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බවත්ය.