අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයෙන් අලි සබ්‍රිට විරුද්ධව නිවේදනයක්

අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීමත් ඒ සම්බන්ධයෙන් බලපෑම් කිරීමත් සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ඊට අදාළ යෝජනාවක් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරුන් විසින් ඊයේ (30) කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී සම්මත කරගෙන තිබේ.

එම ආයතනයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතාගේ අත්සනින් යුතුව මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත පරිදි වේ.

“ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන ස්වාධීන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් හා සෞඛය ආමත්‍යාංශය විසින් කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීම පිළිබඳ තීරණය කිරීමට පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට මෑතක දී තර්ජනය කිරීමේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරු දැඩි ලෙස හෙළා දකියි.”

මේ සම්බන්ධයෙන් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ පිටපත පහතින් දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *