යාපනයේ වාර්තා වූ බෝට්ටු අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ අදාළ සියලුම ආයතනවලට උපදෙස් දී තිබේ.
අනතුරට ලක් වූ බෝට්ටුව මුහුදු යාමට සුදුසුද, මගීන් සංඛ්‍යාව අවසර ලත් සීමාව ඉක්මවා ගොස් තිබේද සහ නිසි සමුද්‍රීය ආරක්ෂක ක්‍රියා පටිපාටි අනුගමනය කර තිබේද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් අමාත්‍යවරයා කැඳවා තිබේ.
මුහුදේදී අතුරුදහන් වූවන් සෙවීමේ සහ බේරා ගැනීමේ මෙහෙයුම් දැඩි කරන ලෙසත්, පවතින සියලු සම්පත් ප්‍රමාදයකින් තොරව භාවිතා කරන ලෙසත් ඔහු පොලිසියට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට උපදෙස් දී තිබේ.


