මෝදිගෙන් පුටින්ට තිළිණයක්

18 වැනි බ්‍රික්ස් සමුළුවට පෙර නවදිල්ලියේදී පැවති ද්විපාර්ශ්වික හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත පුරාණ දෙමළ සම්භාව්‍ය කෘතියක් වන “තිරුක්කුරල්” හි රුසියානු පරිවර්තනයක් තිළිණ කර තිබේ.

දෙමළ කවියෙකු සහ දාර්ශනිකයෙකු වන තිරුවල්ලුවර් විසින් රචිත මෙම කෘතියේ කුරල් 1,330ම එම රුසියානු සංස්කරණයට ඇතුළත් කර තිබේ. එහි ගුණධර්ම, ධනය, පාලනය, ආචාරධර්ම සහ ආදරය ඇතුළු විවිධ කරුණු පිළිබඳ අදහස් ඉදිරිපත් කර ඇත.

මෙම සංස්කරණය ඉන්දියාවේ සම්භාව්‍ය දෙමළ පිළිබඳ මධ්‍යම ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, එය රුසියානු භාෂාවට පරිවර්තනය කර ඇත්තේ නයිරා මක්‍ර්චේයන් විසිනි.

මෝදි මීට පෙරද ඉන්දියාවේ සංස්කෘතික උරුමය පිළිබිඹු කරන ත්‍යාග පුටින් වෙත ලබාදී තිබේ.

2024 වසරේ කසාන්හි පැවති බ්‍රික්ස් සමුළුව අතරතුර ඔහු ජාර්කන්ඩ් ප්‍රාන්තයේ සොහ්රායි සිතුවමක් රුසියානු ජනාධිපතිවරයා වෙත තිළිණ කර තිබිණි.

එමෙන්ම 2025 වසරේදී පුටින් වෙත භගවත් ගීතාවේ රුසියානු පරිවර්තනයක්, ඇසෑම් තේ සහ රිදී අශ්වයෙකුද තිළිණ කර තිබේ.

මෙවර ත්‍යාග හුවමාරුව සිදුව ඇත්තේ නවදිල්ලියේදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් සමුළුවට පෙර සිකුරාදා මෝදි සහ පුටින් අතර පැවති සාකච්ඡා අතරතුරදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *