විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව පළමු වරට රැස්වෙයි: කොන්සියුලර් සේවා ඩිජිටල්කරණයට අවධානය

විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුවේ පළමු රැස්වීම නියෝජ්‍ය විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් 11 වැනිදා පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ වැඩසටහන පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

එමෙන්ම විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල කොන්සියුලර් අංශ ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම මෙන්ම රාජ්‍ය ආයතන කොන්සියුලර් පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ.ටී. කුමාරසිරි මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු කොන්සියුලර් කටයුතු අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත ගණේගමආරච්චි මහතා, ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය මනෝජ් ගමගේ මහතා, GovTech Sri Lanka ආයතනයේ ඩිජිටල් පරිවර්තන ප්‍රධානී මයිකල් හෙල්ම් මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝද මෙම රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *