ශ්‍රී ලංකාවේ රජයට හා හමුදාවට එරෙහිව දැඩි පියවර ගැනීමේ යෝජනාවක් ගෙන එන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන්, මුස්ලිම් කොංග්‍රසයේ ඒ. එම්. පායිස් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ භවනි ෆොන්සේකා යන පුද්ගලයින් බි්රතාන්ය ප්රමුඛ රටවල් පහකින් ඉල්ලා ඇති බවට වාර්තා වේ. මොවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ලන්ඩන් නුවර ගෝලීය ද්‍රවිඩ සංසදය සමග අන්තර්ජාලය ඔස්සේ පැවැත් වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.
සම්මන්ත්‍රණයට සම්බන්ධ වී ඇති සෙසු පිරිස වන්නේ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් වූ මර්සුකි දරුස්මන්, යස්මින් සුකා, ස්ටීවන් රැප්, චාල්ස් පෙඩ්රි සහ පැබ්ලෝයි මනුයින් යන අයයි.
එමෙන්ම මෙම සම්මන්ත්‍රණයේදී යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති ස්ටීවන් රැප් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බවටත් තොරතුරු වාර්තා වේ.