මෙරට කොවිඩ් 19 ආසාධිත 07 වන මරණය වාර්තා වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාධනය වීමෙන් තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මෙරට කොවිඩ් 19 වෛරසය ආසාධනය වි මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එම පුද්ගලයා ජර්මනියේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණි අයෙක් බව සඳහන්. ඔහු අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *