මෙරට කොරෝනා රෝගීන් ගණන 97 දක්වා ඉහළට

ඊයේ (23) දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 10 දෙනෙක් සොයා ගත් බවත් ඒ අනුව මෙරටින් සොයා ගත් මුළු රෝගීන් ගණන 97ක් දක්වා ඉහළ ගොස් ඇති බවටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා.

මේ අතර මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් ඊයේ පිටව ගියා. ඔහු මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *