මෙරට කොරෝනා රෝගීන් ගණන 248 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සිව් දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ අසාධිතයින්ගේ සංඛ්‍යාව 248ක් දක්වා ඉහල ගොස් තිබේ.

එම රෝගීන් සිව් දෙනාගෙන් තිදෙනෙක් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය අයවළුන් වන අතර අනෙක් රෝගීයා රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් බවටත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටී.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචි එම කාන්තාවගේ කිට්ටුතම ඥාතිවරයෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවත් ඒ හේතුවෙන් ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ තබා තිබු බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *