මෙරට කොරෝනා ආසාධිත 12 වැනි මරණය වාර්තා වේ

නව කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු කරගෙන සිටි, ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි. ඒ අනුව නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම කාන්තාව අධික දියවැඩියාව රෝගයෙන් සහ පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *