කොරෝනා වෛරසය අසාධනය වූ බවට ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක්. ඒ අනුව ඊයේ රාති‍්‍රය වනවිට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළ ගියා. එම රෝගීන් අතරින් රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බවත් සෞඛ්‍ය අංශ අනාවරණ කළා.
මේ වනවිට වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා. ඉන් වැඩි පිරිසක් ඇතුළත් කර ඇත්තේ අංගොඩ IDH රෝහලටයි. එම සංඛ්‍යාව 88 ක් වේ.