මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 271 සිට 295 දක්වා ඉහළට

‪නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 24ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙම කොරෝනා අසාධිතයින් වාර්තා වන්නේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසකගෙන් බවටයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ. එමෙන්ම මෙම රෝගීන් ගණන දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *