මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට, 54ක් සුවය ලබයි

මෙරට නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව 197ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (10) සවස සිදුකළ පරීක්ෂණ වලදී මෙම රෝගීන් 07 දෙනා හඳුනා ගත් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් පස්දෙනෙකු සුවය ලබා ඊයේ (10) රෝහලෙන් පිටව ගියා. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 54 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *