මෙම නිරෝධායනය අපට නව අත්දැකීමක්, නොහැක්කක් නොමැත යන්න අපි ඔප්පුකළා – යුධ හමුදාපති

ශ්‍රී ලංකාවාසී අප මේ වනවිට ගතකරමින් සිටින්නේ ඉතා තීරණාත්මක කාළවකවානුවක් බව කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුධ හමුදාපති,ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 ව්‍යාප්ත වී ගිය ලෝකයේ සෙසු රටවල් පිළිඹද අවධානය යොමු කිරීමේදී වෛරසය පැතිරෙන 4 වන, 5 වන, සහ 6 වන සති ඉතා වැදගත් බවත් මෙම කාළසීමාව තුළ ඉතා කල්පනාකාරී විය යුතු බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා අවදානම හමුමේ රටේ වගකීම භාරගෙන කටයුතු කළ හමුදා නිලධාරීන්, දහස් ගණනින් පිරිස් නිරෝධායනයට ලක් කලද එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය නොවූ බවයි ඒ මහතා පවසා සිටින්නේ.
මෙම නිරෝධායන ක්‍රියාවලිය හමුදාවට ප්‍රථම වතාවට ලැබුණු අත්දැකීමක් වුවත් නොහැක්කක් නොමැත යන්න ඔප්පු කළ අපගේ සාර්ථකත්වය සියයට සියයක් යැයිද යුධ හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *