මීගමුව සාන්ත ජෝශස් වීදියේ මාර්ගයක් අසල මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද අලුයම මීගමුව පොලීසිය විසින් සොයාගෙන ඇත.
එලෙස මියගොස් ඇත්තේ මීගමුව පෞද්ගලික පාසලක ආරක්ෂක අංශයේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු බවට පසුව අනාවරණය වී ඇත.
එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ද යන්න තහවුරු කරගැනීම සඳහා මීගමුව රෝහලේදී PCR පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇත.
ඊයේදිනයේදී ද මීගමුව නගරයේදී පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහුගේ මෘත ශරීරයද මීගමුව රෝහලට රැගෙන ගොස් PCR පරීක්ෂණයක් සිදුකර තිබුණි.
එහි ප්‍රතිඵල ද මෙතෙක් ලැබී නැති බවට වාර්තා වේ.