මීගමුව රෝහල රෝගීන් ඇතුළු කිරීම හා පිටවීම අත්හිටුවයි

නව කොරෝනා වෛරසය වැළදී ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් මිගමුව රෝහලේදී ජිවිතක්ෂයට පත්වීමත් සමග එම රෝහලට රෝගීන් ඇතුලත් කිරීම හා සිටිනා රොගීන් පිටතට යාම අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

පෞද්ගලික රෝහලක ඇතුලත් කර සිට ඇති මෙම රෝගියා තමන්ට හෘදරෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මීගමුව රෝහල වී ඇත. පසුව එම රෝගියා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ මීගමුව රෝහලේ නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ.

එම සිදුවීමත් සමග රෝහලේ කාර්යය මණ්ඩලය නොසන්සුන් වී ඇති අතර ඒ අනුව මීගමුව මහ රෝහලට රෝගීන් ඇතුල් කර ගැනීම සහ ඉන් පිටවීම තාවකාලිව අත්හිටුවීමට රෝහල් පරිපාලනය තීරණය කළේය.

එමෙන්ම මෙම රෝගියට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු කරගෙන ඇත්තේ ඊයේ (30) දිනයේ බවත්, ඔහු හෘදයාබාධයකින් පෙලී ඇති බවත්, දීර්ඝ කාලීන ආබාධයකින් පෙළී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් වාර්තා කරයි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *