මියගිය කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන්

කොරෝනා වෛරසයේ අසාදනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (28) මිය ගිය අයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මාධ්‍යවෙත අඳහස් දක්වමින් අනිල් ජාසිංහ මහතා මේ බව පැවසීය.

අවසන් කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්දේශ කර තිබේ. මෘත දේහය අවශ්‍ය අවස්ථවේ දී ඔහුගේ ඥාතීන් දෙදෙනෙකුට මුහුණ පෙන්වීමට කටයුතු කෙරේ.දේහය නිවසට අරන් යන්නේ නෑ. දේහය විශේෂ ආවරණය බහා රෝහලේ සිටම අවසන් කටයුතු සඳහා රැගෙන යන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *