මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවත් 61කින් ඉහළට, සමස්ත ආසාදිතයින් ගණන 1247යි

මිනුවන්ගොඩ ඇගළුම් කම්හල ආශ්‍රිතව ඇතිවූ පොකුර ආශ්‍රිතව කොවිඩ් ආසාදනය වූ තවත් පුද්ගලයින් 61ක් දෙනෙකු අද දිනයේදී හඳුනා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා.

එම 61 දෙනා අතරින් 39 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 22 දෙනා පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටී. ඒ අනුව මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *