කොවිඩ්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2000 ඉක්මවයි

කොවිඩ් වෛරසය අසාදිත 42දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 22ක් නිරෝධායනය වෙමින් සිටි අය වන අතර 20 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

මෙම ආසාධිතයින් 42 ත් සමගම මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත ආසාදිතයන් සංඛ්‍යාව 2014ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේදී දිවුලපිටිය හා මිනුවන්ගොඩ ආශ්‍රිතව හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 115ක් වේ.

මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *