මිනුවන්ගොඩ කම්හලේ කොවිඩ් පොකුර 1,300 ඉක්මවයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්තශාලාව කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්ත වූ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,300 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (11) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 121 දෙනා සමග මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,307ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටී.

ඊයේ වාර්තා වූ මෙම ආසාදිතයින් 121 දෙනා අතරින් 87දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 34දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *