නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 51 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්රිත පොකුරෙන් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම 51 දෙනා අතුරින් ආසාදිතයින් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 36 දෙනා ආශ්‍රිතයින් ඇසුරෙන්ද හඳුනාගෙන තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1397ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාධිත