මිදිගම රුවන් රැගෙන එයි

පාතාල ක්‍රියාකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා මිදිගම රුවන් නමැත්තා  මේ රටට රැගෙන එනු ලැබීය.

ඩුබායි රටේදී එරට පොලිසිය විසින් මීට මාස දෙකකට පෙරදී අත්අඩංගුවට ගැනුණු මිදිගම රුවන් නමැත්තා මේ රටට රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් එරටට ගොස් තිබිණි.

ඩුබායි රටේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමකට සම්බන්ධය යැයි කියමින් මොහු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ මිදිගම රුවන් නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා විශේෂ රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් ඇත.

හරක් කටා නැමැත්තා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඔහු රහස් පොලිසියේ රඳවා සිටියදී රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට මිදිගම රුවන් නැමැත්තා එරට සිට සැලසුම් කර තිබිණි යැයිද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *