මැතිවරණය පවත්වන දිනයට අදාළ පෙත්සම් වැඩිදුර සලකා බැලීම අඟහරුවාදාට කල්යයි

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදන අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම 26 වන අඟහරුවාදා තෙක් කල් තබා තිබේ.

අදාළ පෙත්සම් බලා වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද පෙරවරුවේ වැඩිදුරටත් කරුණු දැක්වීම ආරම්භ කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (22) පස්වන දිනටත් අදාළ පෙත්සම් කැඳවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *