කොවිඩ්

මාස 04 කට පෙර මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වූ අයෙකුටත් කොරෝනා

මිට මාස 04 කට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිසි පිරිදි නිරෝධායනයට ලක්ව, අනතුරුව PCR පරීක්ෂණ මගින්ද කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ අයෙකුට කොරෝනා ආසාධනයවීමේ පුවතක් රත්නපුර, කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

කහවත්ත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මෙම පුද්ගලයා යළි විදේශ ගතවීමට පෙර සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව මෙම පුද්ගලයාගේ සමිපතයින් ගේ නිවෙස් සහ ඔහු ආ ගිය වෙළෙද සැල් ඇතුළු ස්ථාන 12ක පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *