නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 41ක් හඳුනාගෙන තිබේ.
ඊයේ දින සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇත.
ඒ අතර එකම පවුලේ 7දෙනෙකු ද සිටින බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලලිත් කොළමුන්න මහතා පැවසිය.
හඳුනාගත් ආසාදිතයින්ගෙන් 15ක් වැලිගම්පොළ ප්‍රදේශයෙනුත්, සොයිසාකැලේ 17ක්, ජයසුන්දරඕවිට 03 ක්, නාවලපිටිය නගරයේ 03 ක්, ඉඹුල්පිටිය නගරයේ 02, බව්වාගමින් එක් ආසාදිතයෙක් ලෙසත් වාර්තා වී ඇත.
පෙර අසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් ලෙස නව ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
අප්‍රේල් 20 දින සිට තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් කොවිඩ් -19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 350 දෙනෙකු හමු වී ඇති බවත්, කොවිඩ් ආසාදන වී 27දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසිය.