මාවනැල්ල හිගුල දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට ඉදිකර ඇති බුදු කුටියට ඊයේ (29) කිසියම් අයකු විසින් බුදු කුටියේ ආවරණ වීදුරුවක් කඩා දමා ඇති බවට තොරතුරු වාර්තා වේ. එම සිද්ධිය වාර්තා වීමත් සමගම හිඟුල හා මාවනැල්ල නගරයට පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා තිබේ.
මවනැල්ල පොලිසිය පවසන්නේ වීදුරුවට ගල් ගසා දැමීම නිසා වීදුරුවට හානි සිදුවී ඇති බවත්, ප්‍රහාරයෙන් බුදු පිළිමයට කිසිදු හානියක් සිදුවී නොමැති බවත්ය.
2018 වසරේ දෙසැම්බර් 26 වැනිදා මාවනැල්ල ප‍්‍රදේශයේ මුලින්ම බුදුපිළිමවලට හානි කිරීම ආරම්භ කොට ඇත්තේද මෙම පිළිමයට හානි කිරීමත් සමගය. මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.